Monday, November 24, 2014

මහ ඇදුරු සරච්චන්ද්‍රයන් එදා මනමේ කරළියට ගෙන ආ හැටි

ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් වෙමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් -”මනමේ” නාටකය බිහිවන්නේ අදින් වසර 58 කට පෙරාතුවය. ඒ 1956 වසරේදීය. එතෙක් පැවැති කෝලම් සහ නාඩගම් සම්ප‍්‍රදාය ආශ‍්‍රය කරගනිමින් විශේෂයෙන්ම සින්දු නාඩගමක ස්වරූපය ගත් -”මනමේ” නාටකය එදා බිහිවන්නේ -”චුල්ලධනුද්ධර” ජාතකය පාදක කරගනිමින්ය. 1956 නොවැම්බර් 03 වැනිදා කොළඹ